Archives: අගෝස්තු 2021

කුණාටුව හරහා ඔසවා ගෙන යෑම

ස්කොට්ලන්ත මිෂනාරී ඇලෙක්සැන්ඩර් ඩෆ් 1830 දී ඉන්දියාවට ගිය පළමු ගමනේදී ඔහුගේ නැව දකුණු අප්‍රිකාවේ වෙරළට ඔබ්බෙන් කුණාටුවකට හසුවී මුහුදු බත් විය. ඔහු සහ ඔහුගේ සෙසු මගීන් කුඩා පාළු දූපතකට ළඟා වූහ. ටික වේලාවකට පසු කාර්ය මණ්ඩලයේ එක් අයෙක් ඩෆ්ට අයත් බයිබලයේ පිටපතක් වෙරළට ගසා ගෙන ගොස් තිබී සොයා ගන්නා ලදී. පොත වේලුණු පසු ඩෆ් දිවි ගළවා ගත් අයට ගීතාවලිය 107…

ව්‍යාකූලතාවයේදී සමාදානය

රතිඤ්ඤා වැනි ශබ්දයක් ජොඈන්ව නින්දෙන් අවදි කළාය. වීදුරු සුනුවිසුණු වී තිබුණි. ඇය තනිවම ජීවත් නොවුනා නම් යෙහෙකැයි සිතමින් සිදුවන්නේ කුමක්දැයි බැලීමට ඇය නැගිට්ටාය. අඳුරු වීථී හිස් වු අතර තමාගේ නිවස හොඳිින් තිබෙනවා මෙන් පෙණුනි. ඉන්පසුව ඇය කැඩුණු කැඩපත දුටුවාය.

පරීක්‍ෂකයන් විසින් අඟල් භාගයක පමණ උණ්ඩයක් ගෑස් නලය තුළින් සොයා ගන්නා ලදී. එය ගෑස් බටයට විවැදුණේ නම් සමහර විට ඇය ජීවත්…

මතක තබා ගෙන සමරන්න

1907 දෙසැම්බර් 7 වන දින එක්සත් ජනපද බටහිර වර්ජිනියා ප්‍රාන්තයේ ගල් අඟුරු කැණීම් කර්මාන්ත ඉතිහාසයේ කුඩා ප්‍රජාවකගේ දරුණුතම ව්‍යසනයක් ඇති කළේ පුපුරා යාමක් හේතුවෙනි. පතල් කම්කරුවන් 360 ක් පමණ මරණයට පත්වූ අතර මෙම බිහිසුණු ඛේදවාචකයෙන් වැන්දඹුවන් 250 ක් සහ පියවරුන් නොමැති දරුවන් 1000 ක් පමණද ඉතිරි වන්න ඇතැයි ගණන් බලා තිබේ. ඉතිහාසඥයන්ගේ මතය වන්නේ අනුස්මරණ දේව සේවය එක්සත් ජනපදයේ පියවරුන්ගේ…

දෙවියන්වහන්සේ ඔබේ කථාව දන්නා සේක

මගේ හොඳම මිතුරිය සමග දිවා ආහාරයෙන් පසුව මම නිවසට යන විට ඇය වෙනුවෙන් දෙවියන් වහන්සේට හඬ නගා ස්තුති කළෙමි. ඇය මා ගැන දන්නීය. මා ගැන මම ආදරය නොකරන දේ තිබියදීත් ඇය මට ප්‍රේම කරන්නීය. මාගේ අසාමාන්‍ය ගති පැවතුම්, පුරුදු සහ වරදින තැන් තිබුණද ඇය මාව ඒ ආකාරයෙන්ම පිළිගන්නා කුඩා කණ්ඩායමේ කෙනෙකි. ඇය සහ මම ප්‍රේම කරන අනෙක් අයද සමග බෙදා…

බයිබලය විශ්වාස කරමින්

සුප්‍රකට ඇමෙරිකානු ඉවැන්ජලිස්තවරයෙක් වන බිලී ග්‍රැහැම් බයිබලය සම්පූර්ණයෙන්ම සත්‍යයක් ලෙස පිළිගැනීමට දැරූ අරගලය ගැන වරක් විස්තර කළේය. එක් රාත්‍රියක ඔහු සැන් බර්නාඩිනෝ කඳුකරයේ ඥානකාන්ති මධ්‍යස්ථනයක සඳ එළියේ තනිවම ගමන් කරමින් සිටියදී පැකිළෙමින් යාච්ඤාවක් කිරීමට දණින් වැටී බයිබලය ගසක කඳක් මත තබා “අනේ දෙවියන්වහන්ස, මේ පොතේ තිබෙන බොහෝ දේවල් මට තේරෙන්නේ නැත” කියා කීවේය.

ඔහුගේ ව්‍යාකූලත්වය පාපෝච්චාරණය කිරීමෙන් පසු “පියාණෙනි, මෙය…